FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවල දූෂණ සොයන ජනපති කොමිෂන් සභාවට සී.අයි.ඩී. කණ්ඩායමක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගිය 2015 ජනවාරි මස 15 වනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට නියමිතව ඇත.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට පොලිස්පතිවරයා විසින් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ කොමිසමට මේ වනවිට පැමිණිලි 101 ක් ලැබී තිබෙන බවත් වාර්තා වෙයි.