FAST NEWS

24×7 Around the Globe

ජාතික අධ්‍යාපන වැඩසටහන අද (21) එළිදකී…

ජාතික අධ්‍යාපන වැඩසටහන අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතව ඇත.
අරලියගහ මන්දිරයේදී මෙම එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.
වසර 13 ක අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුලු කරුණු රැසක් ඊට අන්තර්ගතව තිබේ.
මීට අමතරව නව විෂය සඳහා ගුරු පත්වීම් පිරිනැමීම ඇතුලු යෝජනා ගණනාවක්ද ජාතික අධ්‍යාපන වැඩසටහනට අන්තර්ගත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටියි.