FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කටුනායක අධිවේගයේ එක් මංතීරුවක් වැසෙයි..

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එක් මංතීරුවක් තාවකාලිකව වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් අදාල ස්ථානයන්හි රථ වාහනවල වේගය සඳහන් කර ඇති වේග සීමාවන්ට අනුකූලව තනි මංතීරුවේ ආරක්ෂාකාරි ලෙස ධාවනය කරන ලෙසට සියලු රියදුරන්ට දැනුම් දෙයි.
මේ මස අවසන් වන තෙක් අදාල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සිදු වන බවද එස්. ඕපනායක මහතා සඳහන් කළේය.