ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අද (20) පැවති නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතාද, ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද තේරීපත් පත්ව තිබේ.
රට පුරා ඡන්ද මධස්ථාන 83කදී පැවැත්වූ ඡන්ද විමසීමේදී සෙසු තරඟකරුවන් පරාජයට පත් කරමින් ඔවුන් එම නිල සඳහා තේරී පත්විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.
අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.
කාලිංග ඉන්දතිස්ස 4702
මහින්ද ලොකුගේ 1346








