FAST NEWS

24×7 Around the Globe

රන්ජනගේ කොකෙන් ප්‍රකාශය ගැන විමර්ශනයට කමීටුවක්..

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරිමට අද (20) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇති බව වාර්තා වේ.
අදාල කමිටුව විසින් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මීලඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය වී ඇති බව පැවසේ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සඳහා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සහ එක්සත් ජාතික පක්ෂ විධායක කමිටු සාමාජික නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් පත් කර ඇත.