FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිවරු 4000 ක් හෙට (21) විදී බසිති..

විදුහල්පතිවරුන් 4000 ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (21) පෙරවරු 10.00 සිට දැවැන්ත විරෝධතාවයක් සිදු කිරිමට නියමීතය.
උසස්වීම් ලබානොදීම ඇතුළු ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
විරෝධතාවයෙන් තම ගැටලූ සඳහා විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු අවාධාරණය කළේය.
2009 න් පසුව විදුහල්පති සේවයට එක්ව සිටින 4000කට ආසන්න පිරිසක් සඳහා උසස්වීම් වලට ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත්තේ දෙමළ භාෂාව සමත්වීම බවත් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන බවට රජය එකඟ වූ නමුත් එයට අදාළ චක‍්‍රලේඛ නිකුත් නොකිරිම මීට හේතුව බවද හෙතෙම පෙන්වා දෙයි.
මීට අදාළ චක‍්‍රලේඛය මෙතෙක් නිකුත් නොකිරීමෙන් විදුහල්පතිවරුන් 4000ක් සඳහා පළමු පන්තියට උසස්වීම් ඇණ හිට ඇති බවද මේ හේතුවෙන් එම පිරිසට වෙනත් උසස්විම් සඳහා ඉදිරිපත් විමට නොහැකිවීමෙන් බලවත් අසරණතාවයකට පත්ව ඇති බවද ජොෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.