FAST NEWS

24×7 Around the Globe

ඩොල්ෆින් මසුන් නරඹන්නන්ගෙන් දිනකට ලක්ෂ 30 කට වැඩි අදායමක්.

මිරිස්ස මුහුදේ ඩොල්ෆින් මසුන් නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව හේතුවෙන් දෛනිකව රුපියල් ලක්ෂ 30 කට වඩා වැඩි ආදායමක් රජයට හිමිවන බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (19) පස්වරුවේ රිදිගම සත්ව උද්‍යානයේදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේබව කියා සිටියේය.

මෙරට පිහිටා ඇති සංචාරක කේන්ද්‍රස්ථාන නිසි පරිදි අධීක්ෂණයකට ලක්කරන්නේ නම් ඉන් විශාල ආදායමක් උපයා ගැනීමට රජයට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.