FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට..

කල්පිටිය – මොහොත්තුවාරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598 ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් ඊයේ (18) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වසය අවුරුදු 42 සහ 44 වියේ පසුවන උකුවෙල සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.