FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුමට අදාල වාර්තාව සභාගත කිරීම කල් යයි…

පසුගිය නොවැම්බර් මස 14 , 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු සභා ගර්භයේදි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වන වාර්තාව ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
අදාළ වාර්තාව සභාගත කිරීමට නියමිතව තිබුණේ හෙට (20) දිනයේදීයි.
නමුත් කථානායකවරයා හෙට දිනයේදී පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවීම හේතුවෙන් ලබන 22 වනදා වාර්තාව සභාගත කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.