FAST NEWS

24×7 Around the Globe

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

රත්ගම, බූස්සේදී තරුණයන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊයේ (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.