FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳ විවාදය මෙම පාර්ලිමේන්තු සතිය තුළදීත් පැවැත්වීමට හැකි නොවනු ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව එම විවාදය බොහෝදුරට ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී පැවැත්වීමට සිදුවනු ඇති බවත් , ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද විවාදය පවත්වන දිනය කවදාදැයි තමන්ට මෙතෙක් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බවත් කිරිඇල්ල මහතා කියා සිටියේය.
හෙට (20) මධ්‍යහ්න 12.00 ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව සභානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.