FAST NEWS

24×7 Around the Globe

අද (19) රාත්‍රියේ 6% ක් විශාල සුපිරි සදක්…

අද (19) සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සඳක් රාත්‍රී 9.23 ට දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේය.
චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීම ඊට හේතුව බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සුපිිරි සඳ 6 ක් % ක් වැඩි විශාලත්වයෙන් හා 14% ක් පමණ වැඩි දීප්තියකින් යුක්තව දැක ගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න  මහතා සදහන් කළේය.