FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23 කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ,
බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
ඔහුට අයත් ඩුබායි බැංකු ගිණුම් පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු ද ආරම්භ කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.