FAST NEWS

24×7 Around the Globe

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

පසුගියදා කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට ඩුබායි අත්අඩංගුවේ පසුවන කෙසෙල්වත්තේ දිනුක ගේ ගෝලයෙකු වන රයිනා නමැති සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චනිල්ක සංකල්ප නැමැති 22 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 04 ක්ද සන්තකයේ තිබී ඇත.
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක් බව පොලිසිය පවසයි.
කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ (17) රාත්‍රී 7.00 ට පමණය.