FAST NEWS

24×7 Around the Globe

ගංගාරාම විහාරස්ථානයේ 41 වන නවම් මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ..

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 වන වතාවට පවත්වනු ලබන නවම් මහා පෙරහර අද දිනයේදී සහ හෙට දිනයේදී වීදි සංචාරය කිරීමට නියමිතය.
මෙවර පෙරහැරට අලි ඇතුන් 45 දෙනෙකු පමණ ගමන්ගන්නා අතර විචිත්‍ර අංග රැසක් ඇතුළත්ය .
ශ්‍රි ජිනරතන පාර, හුණුපිටිය වැව පාර, ඩබ්ලිව්. ඒ.ඩි. රාමනායක මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ශ්‍රීමත් ජේම්ස් පිරිස් මාවත හා ශ්‍රී ජිනරතන මාවත පෙරහරේ ගමන් මාර්ගයයි.
ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගලබඩ ශ්‍රී ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක පිරිසගේද මැදිහත්වීමෙන් වාර්ෂිකව නවම් මහා පෙරහැර සංවිධානය කෙරේ.