FAST NEWS

24×7 Around the Globe

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ..

සියලුම වර්ගයේ යාන්ත්‍රික කියත් ලඟම ඇති පොලිස් ස්ථාන වෙත ගොස් ලියාපදිංචි කිරීම සඳහා එළඹෙන 20 වැනිදා දක්වා ලබා දී තිබු කාලය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.
වන විනාශය පාලනය කිරීම, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ඡාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම අරමුණු කරගනිමින් මෙම ලියාපදිංචි කිරීම සිදුකරනු ඇත.