FAST NEWS

24×7 Around the Globe

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි..

පසුගිය මස 23 වනදා රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පූර්ණ විමර්ශන වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම වාර්තාව කැඳවනු ඇති බව පොලිස් කොමිසමේ සභාපති ජී.එච්. මනතුංග මහතා සදහන් කළේය.
මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන බවද පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙලෙස අතුරුදන්වී තිබුනේ රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.
අතුරුදන් වීමෙන අනතුරුව ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර, එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.