FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිම ආරම්භ කර ඇත.

පසුගිය කාලයේ වරාය නගරය , මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇති බව සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින භූමි ප්‍රමාණය  වර්ග කිලෝමීටර් 65610 කි.

මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩි වේ.

මාර්තු මස අග වන විට ගණනය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව උදයකාන්ත මහතා තවදුරටත් සඳහන් කරයි.