FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම් වාර්තාව ලබන 20 වනදා සභාගත කෙරෙයි…

පාර්ලිමේන්තු සභා ගර්භයේ දී මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ විමර්ශන වාර්තාව ලබන 20 වනදා සභාගත කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
අදාළ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බවද නියෝජ්‍ය කතානායකවරයා සදහන් කළේය.
පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවල පාර්ලිමේන්තුවේ දී ඇතිවූ කලහකාරි තත්ත්වය විමර්ශනය කිරීමේ අරමුණින් නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට කථානායකවරයා කටයුතු කරනු ලැබීය.