FAST NEWS

24×7 Around the Globe

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයත් කඩිනමින් පිහිටුවයි..

බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පළමු ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේම පිහිටුවීමට තීරණය කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉතා ඉක්මනින් දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
1978 අංක 2 දරන අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ අදාළ පිහිටුවීම සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.