FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් මාසයට ‌පෙර භාෂා ත්‍රිත්වයෙන්ම නව උප්පැන්න…

ජාත්‍යන්තරව පවා පිළිගැනීමට ලක්වන ආකාරයට උප්පැන්න සහතිකය භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් කර මුද්‍රණය කර ලබාදීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරයි.
මෙම නව උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසයට පෙර ක්‍රියාත්මක කිරීමට ද එම උප්පැන්න සහතිකයේ වයස අවුරුදු 16 ලබන විට ලබාදෙන හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා සදහන් කළේය.
එම හැඳුනුම්පත් අංකය විභාග දෙපාර්තමේන්තුවටත් ලබාදීමට කටයුතු කරනු ලැබේ.
මේ වනවිට දරුවන් ඉපදීමත් සමග අන්තර්ජාලය හරහා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව ද චතුර විතාන මහතා වැඩිදුරටත් පැවසීය.