පොල්තෙල් නිපදවන, විකුණන ස්ථාන අද සිට පරික්ෂාවට

පොල්තෙල් නිපදවන, විකුණන ස්ථාන අද සිට පරික්ෂාවට

අද (18) සිට එළැඹෙන 28 දින දක්වා පොල්තෙල් නිෂ්පාදනය කරන, ගබඩා කරන, ඇසුරුම් කරන හා විකුණන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේදී බාල පොල්තෙල් අලෙවි කරන කූට වෙළෙන්දන් හඳුනාගෙන නීතිය හමුවට ගෙන ගිය බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවැසුවේය.

මෙහිදී තත්ත්වයෙන් බාල පොල්තෙල් මෙන්ම විවිධ තෙල් වර්ග කලවම් කොට පොල්තෙල් ව්‍යාජ අයුරින් සකස් කරන සහ අලෙවි කරන ස්ථාන නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.

තවද ලබා ගන්නා තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ පිළිබඳ වාර්තා ලැබුණු පසු විශ්ලේෂණාත්මක වාර්තාවක් පාරිභෝගිකයාට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.