FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටේදී විදේශිකයෙක් මරුට…

කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තය තුලදී ඉන්දියාව බලා ගමන් ගැනීමට පැමිණි විදේශිකයෙකු හට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ රාමනාථපුරම් හි පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්වයක් නිසා එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.