FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම ශක්ති සතිය අදින් ආරම්භ වෙයි…

2025 වසර වන විට දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති සතිය අදින් ආරම්භ වෙයි.
ග්‍රාම ශක්ති සතියේ සමාරම්භක වැඩසටහන හෙට පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී පැවැත්වීමට නියමිතයි.
මීට සමගාමීව දිවයින පුරා ග්‍රාම ශක්ති වැඩසටහන විධිමත්ව සහ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම අද (18) සිට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.