FAST NEWS

24×7 Around the Globe

මධූෂ් ඇතුළු පිරිස 27 වැනිදා ප්‍රථම වරට ඩුබායි අධිකරණයට..

ඩුබායිහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට ඩුබායි පොලීසිය තීරණය කර තිබේ.
එම පිරිස පිළිබදව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව ඩුබායි පොලීසිය විසින් මෙම තීරණයට එළඹ ඇත.
අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඩුබායි රාජ්‍යයේදී පෙර වැරදි සිදුකර නොතිබීම, පළමු වතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ අවස්ථාවකදී අත්අඩංගුවට පත්වීම, සාදයේ ගායකයන් ලෙස පැමිණ සිටීම වැනි කරුණු නීතිඥයන් විසින් පෙන්වා දී තිබෙන බැවින් ඔවුන් දෙදෙනාට සහනයක් ලැබීමට හැකියාව පවත්ව බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලිස් අත්අඩංගුවට පත් අයෙකු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවස්ථාව තිබුණද ඩුබායි රාජ්‍යය තුළ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසියට අවශ්‍ය කාලයක් ගත හැක.