FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 06 පිළිබදව කාළගුණයෙන් අනතුරු ඇගවීමක්…

ඉදිරි පැය කිහිපය තුළදී (පැය 6ක) පමණ කාලයේදී සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. 70-80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වල මී.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.