FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද (18) සිට දීර්ඝ කෙරෙයි..

පෙරවරු කාලයේදී බොරැල්ල කිංසි පාරේ එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනය කිරීමට වෙන් කර ඇති කාලය අද (18) සිට දීර්ඝ කෙරෙන බව පොලිසිය පවසයි.
ඒ අනුව සෑම සතියේ දිනකම පෙරවරු 7.00 සිට පෙරවරු 8.00 දක්වා හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමට සැලසුම්කර තිබේ.
මීට පෙර අදාළ මාර්ගයේ එම අවස්ථාව ලබාදී තිබුණේ පෙරවරු 7. 30 සිට 8.0 දක්වා පමණයි.
මෙම පියවර ගෙන ඇත්තේ කොළඹ දෙසට ඇතුලුවන වාහනවලට අවහිරයක් සිදුවීම අවම කිරීමේ අරමුණින් බව පොලිසිය සදහන් කරයි.