FAST NEWS

24×7 Around the Globe

මාරවිල මාරක බස් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට…

අද (18) අලුයම මාරවිල – මහවැව හංදිය අසලදී පුද්ගලික බස්රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු මාරවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.