FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්..

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාව ,තාවකාලික පදනම මත අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පොලිස් මුලස්ථානයට වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කියයි.