FAST NEWS

24×7 Around the Globe

අදත් පස්වරු 2 න් පසු වැසි..

අද (17) දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බවත් , බොහෝ ප්‍රදේශවල  පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රබල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවීමට ඉඩකඩ තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල  තාලකාලිකල තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.