FAST NEWS

24×7 Around the Globe

ගාල්ලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්…

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම හෙට (17) සිදුකිරීමට නියමිතව ඇත.
ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8.30 ට ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදීය.
අංගසම්පූර්ණ නවීණ පහසුකම්වලින් සමන්විතව ඉදිකරනු ලබන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ගාල්ලට මෙතෙක් සම්මන්ත්‍රණ ශාලාවක තිබූ අඩුපාඩුව සපුරාලනු ඇත.