FAST NEWS

24×7 Around the Globe

අද (16) සහ හෙට පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි…

අද (16) සහ හෙට (17) පස්වරු කාලයේ දිවයින පුරා ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.