FAST NEWS

24×7 Around the Globe

තණමල්විල වෙඩි තැබිමේ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට..

තණමල්විල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද(16) දින අළුයම 12.30ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පසුගිය 10 වන දින තණමල්විල නගරයේදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබූ අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු වී තිබුණි.
මෙහිදී සැකකරුවන් තිදෙනෙකු සමඟ වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනි අවි 03ක් හා යතුරුපැදි 02 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගඟේ යාය තණමල්විල පදිංචි වයස 28ක් වූ ගරුසිංහ ආරච්චිගේ කසුන් බුද්ධික සහ වයස 25ක් වූ ගරුසිංහ ආරච්චිගේ මනෝජ් බුද්ධික නම් මොවුන් දෙදෙනා සහෝදරයන් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සුරිය ආර තණමල්විල පදිංචි වයස 27ක් වූ ලියනආරච්චිගේ සුමිත් නොහොත් ගෝඨා යන අය වන බවද පැවසේ.
එම සැකකරුවන් අද(16) වැල්ලවාය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.