FAST NEWS

24×7 Around the Globe

රෝහණ විජේවීර ඉල්ලා බිරිද අධිකරණයේ තැබූ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි..

1989 රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කරනු ලැබීය.
ඒ මෙම සිද්ධිය සිදුවී වසර 30කට ආසන්න කාලයක් ගත වන තුරු කිසිදු අධිකරණ සහනයක් ලබා ගැනීමට කටයුතු නොකිරීමේ පදනම මතයි.
පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවන් වන දීපාලි විජේසුන්දර සහ විනිසුරු අර්ජුන ඔබේසේකර විසිනුයි.
රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.