FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති..

ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව පවසයි.
තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.