FAST NEWS

24×7 Around the Globe

මිහින්තලේ චෙත්‍යයක් මත ඡයාරූප ගත් දෙදෙනා රිමාන්ඩ්..

මිහින්තලේ පුදබිමේ පිහිටි චෛත්‍යයක් මතට නැග ජායාරූප ගත්තැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා පෙබරවාරි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතියව දැක්වෙන වාර්තාවක් අධිකරණයට හමවුට ඉදිරිපත් කරන ලෙසටද මිහින්තලේ පොලිසිය වෙත නියෝගයක්ද නිකුත් කෙරුණී.
මෙසේ බන්ධනාගාර ගත කෙළේ මූතූර් පදිංචි 18 හැවිරිදි සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.