FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින දෙක තුල වැසි වර්ධනයක්..

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින දෙක තුලදී (පෙබරවාරි මස 16 සහ 17) බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තව අද (15) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (15) දිනය තුළ නැගෙනහිර, උතුරු-මැද, උතුරු සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැක බවද සඳහන්.
සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදයෙහි සඳහන් වෙයි.