සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට

කඹුරුපිටිය රත්කැකුලාව ප්‍රදේශයේ සැමියා විසින් එල්ල කල ඇසිඞ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඇසිඞ් ප්‍රහාරයෙන් තුවාල ලැබු ඇගේ දියණිය කඹුරුපිටිය ආඳපාන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඔහු ඊයේ රාත්‍රී 10.30 ට පමණ අදාල කාන්තාව සහ දියණිය ජීවත් වූ නිවසට පැමිණ මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර තිබේ.

39 හැවිරිදි මෙම කාන්තාව මාස 05 ක පමණ කාලයක සිට ඇගේ සැමියාගෙන් වෙන්ව සිටින බව සඳහන් වේ.

ඇසිඞ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා කඹුරුපිටිය ආදපාන රෝහලට ඇතුලත් කෙරුණුත් කාන්තාවගේ තත්වය බරපතල නිසා  ඇය මාතර මහ රෝහලට මාරු කර ඇත.

එහිදී කාන්තාව මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.