FAST NEWS

24×7 Around the Globe

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු දිවයිනට..

දෙදන නිළ සංචාරයක් සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන කෙන්ටාරෝ සොනොවුරා මහතා අද (15) දිවයිනට පැමිණීමට නියමිතව බව මෙරට ජපාන තානාපති කාර්යාලය පැවසීය.
ඔහු සිය සංචාරය තුළදී ඔහු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ,දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජපානය තානාපති කාර්යාලය සඳහන් කළේය.