FAST NEWS

24×7 Around the Globe

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ..

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) උදෑසන කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදු කෙරිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවිය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියහ.