FAST NEWS

24×7 Around the Globe

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

අරලගංවිල නෙලුම්වැව රක්ෂිතයේ වන අලි පන්නා දැමීමේ මෙහෙයුමකදී වන අලි ප්‍රහාරයකින් ඊයේ රාත්‍රී 7 ට වන සත්ව නියාමකවරයෙකු මිය ගොස් තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනඅයුක්තව සේවය කරන 40 හැවිරිදි වන සත්ව නියාමකවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත දේහය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.