FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගයේ අයදුම්පත් පාසල් වෙත -විභාග දෙපාර්තමේන්තුව..

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම අයදුම්පත්‍ර මේ මස 25 වැනිදාට පෙර යළි යොමුකළ යුතුව ඇත.
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ලබාගත හැකි බවත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර භාර ගැනීම මාර්තු මස 01 වනදායින් අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.