FAST NEWS

24×7 Around the Globe

මධූෂ් – අමල් ඇතුළු පිරිස රිමාන්ඩ්..

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය ඊයේ (14) නියෝග කර තිබේ.
අමල් හා නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ (14) දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුවි තිබේ.
ඔවුන් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් ඇති බවද කියැවේ.