FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ බිරිඳට එරෙහි නඩුව යළි විභාගයට..

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ යළි විභාගයට ගත්තේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් විමල් ප්‍රනාන්දු මහතා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර විමසීම ලබන මස 25 වනදාට කල් තබනු ලැබීය.
කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලාත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.