5000 නෝට්ටු තොගයක් සමග කටුනායකදී ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි..

5000 නෝට්ටු තොගයක් සමග කටුනායකදී ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි..

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා රුපියල් 5000 නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී රුපියල් ලක්ෂ 07 ක වටිනාකමකින් යුත් පන්දහසේ නෝට්ටු 140 ක් සොයාගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය.
ඊයේ (13) ඉන්දියාවේ – මදුරෙයි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත් මෙම සැකකරු 37 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
CATEGORIES