මහින්දානන්දට එරෙහි නඩුව ජුනි 13 වනදා දක්වා කල් යයි…

මහින්දානන්දට එරෙහි නඩුව ජුනි 13 වනදා දක්වා කල් යයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජුනි 13 වනදා තෙක් කල්දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද (14) කැදවූ අවස්ථාවේදීයි.
විත්තියේ හරස් ප්‍රශ්න විමසීම ජුනි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.
පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි නීතිපතිවරයා විසින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලකර සිටියි.
CATEGORIES