FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා අද (14) පැය 12 ක විශේෂ රථවාහන මෙහෙයුමක්…

දිවයින පුරා අද (14) විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලීසිය විසින් සැලසුම් කර තිබේ.
ඒ අනුව අද පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පුරා පැය 12 ක කාලයක් මෙම රථ වාහන මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන බව පොලිසිය පවසයි.
විශේෂයෙන් අධිකරණ, පාසල් හා රෝහල් පිහිටි ස්ථාන අසලින් රථවාහන ගමන් කිරීමේ දී නලා වාදනය කිරීමෙන් බාධා ඇතිව තිබෙන බවට රථවාහන පොලීසියට බොහෝ පැමිණිලි ලැබී තිබේ.
එවැනි රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.
පසුව මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාවේ අධ්‍යක්ෂ වෙතට ලබාදීමටත් නියමිතව ඇත.