FAST NEWS

24×7 Around the Globe

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ගෞරවාන්විත සම්මානයකින් පිදුම් ලබයි…

පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් ඊයේ (13) පිදුම් ලැබීය.
මෙම පදක්කම් ප්‍රධානය සිදු කරනු ලැබුවේ පාකිස්ථානයේ ජනාධිපති අරිෆ් අල්වි (His Excellency ArifAlvi) විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදීයි.
අද්මිරාල් විජේගුණරත්න 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (BSc (Honours) (War Studies)) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියෙකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත.
අද්මිරාල් විජේගුණරත්න අසමමිතික නාවික සංග්‍රාම (Asymmetric Naval Warfare) හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බලකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boats Squadron (SBS) ) නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වන්නේය.