මරදාන ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්වූ ජීප් රථයක් පරීක්ෂා කිරිමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 68 කට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ 68 ක් අද (14) අලුයම පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අනතුරට ලක්වූ එම ජිප් රථය පරීක්ෂා කිරිම සඳහා ඒ අසලට යාමේ දී එහි සිටි පුද්ගලයන් පළාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
එම රථයේ තිබී සොයාගත් කේරල ගංජා තොගය හා ජීප් රථය පොලිසිය භාරයට ගෙන ඇත.
පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ අයිතිකරු හා අනෙකුත් සැකකරුවන් වැඩිදුර විමර්ශණ පවත්වන බව මරදාන පොලිසිය සඳහන් කර සිටියි.








