FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධීව රීයූනියන් ගිය පිරිසක් අද (14) යළිත් දිවයිනට..

නීතිවිරෝධි ලෙස ධීවර යාත්‍රා මගින් ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් අද (14) ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට හලාවත මුහුදු තීරයෙන් නීතිවිරෝධිව ගිය ශ්‍රී ලාංකිකයින් 70 දෙනෙකු මෙලෙස රැගෙන එන බව එහි ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පසුගිය ජනවාරි 24 වනදා ධීවර යාත්‍රාවකින් පුද්ගලයින් 72 දෙනෙකු හලාවතින් පිටත්ව රීයූනියන් දිවයිනට ළඟා වී ඇත්තේ පෙබරවාරි 04 වනදායි.
ඔවුන් සම්බන්ධයෙන් සියලු විස්තර මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය ලැබී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම පිරිස අතර කුඩා දරුවන් 05 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.